ඊශ්‍රායලයේ දී මියගිය අනුලා රත්නායකගේ දේහය දිවයිනට
Related Articles
ඊශ්‍රායලයේ දී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (28) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය භාරගැනීම සඳහා පවුලේ ඥාතීන් ගුවන්තොටුපොළට පැමිණ සිටින අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටි බව සඳහන් වේ.
පසුගිය 07 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ සිදුකළ ප්‍රහාරයක් අතරතුරදීයි ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ.