fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN සවණක් රැස් වැඩසටහන වඳුරඹ ඌරල ශ්‍රී ක්ෂේත්‍රාරාම පිරිවෙන් විහාරස්ථානයේදී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2023 11:24

ITN සවණක් රැස් වැඩසටහන වඳුරඹ ඌරල ශ්‍රී ක්ෂේත්‍රාරාම පිරිවෙන් විහාරස්ථානයේදී

සෑම පුන් පොහෝ දිනකම ස්වාධීන රූපවාහිනිය විකාශය කරන සවණක් රැස් වැඩසටහන මෙවර ගෙන එනු ලබන්නේ වදුරඹ ඌරල ශ්‍රී ක්ෂේත්‍රාරාම සුමංගල පිරිවෙන් විහාරස්ථානයේ සිටයි.

පෙහෙවස් සමාදන් වන පිරිස අශ්ඨාංග ශීලයෙහි පිහිටුවීම පූජ්‍ය ඌරුවල චන්දිම ස්වාමීන් වහන්සේ සිදු කළා.

මේ අතර ලක්හඬ ගුවන්විදුලිය ගෙන එන ශාසනාලෝක වැඩසටහන ද මෙවර ක්‍රියාත්මක වනවා.

එය 130 වන වැඩසටහනයි.

සාමනේර භික්ෂූන් වහන්සේ වෙනුවෙන්  ධර්ම පුස්තක ඇතුළු සෙසු අධ්‍යාපන උපකරණ ආදිය පූජා කිරීම ශාසනාලෝ වැඩසටහනේදී සිදුවනවා.

ශ්‍රී සරණංකර පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති පූජ්‍ය බඹරවානේ තිලකරත්න ස්වාමීන් වහන්සේ සිදුකළා.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන / නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2023 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්