fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපරාධ 5කට සම්බන්ධ අපරාධකරුවකු වන නාවල කුංජි” අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 17:03

අපරාධ 5කට සම්බන්ධ අපරාධකරුවකු වන නාවල කුංජි” අත්අඩංගුවට

කොටිකාවත්ත සනස බැංකුවෙන් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න රන් ආභරණ සොරා ගැනීම ඇතුළු අපරාධ 5කට සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන ” නාවල කුංජි” නැමැත්තා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවල කුන්ජි නැමැත්තාට එරෙහිව 2021 වර්ෂයේ සිට මේ දක්වා දරුණු ගණයේ අපරාධ නඩු 13 ක් අධිකරණයේ විභාග වන බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කුන්ජි නමැත්තාගෙන් අනියම් බිරිඳ ද වන බවත් ඇය සහ සෙසු සැකකරුවන් සොරබඩු බැහැර කිරීම යටතේ අත්අඩංගුවට ගත් අය බවයි පොලීසිය පවසන්නේ.

එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ග්‍රෑම් 463 ක් බර රන්මාල වළලු මුදු කරාබු , රුපියල් හැත්තෑ පන්දහසක් වටිනා අත් ඔරලෝසුවක් , ජල ප්‍රමාණය පිත්තල පහනක් රූපවාහිනී යන්ත්‍රයක් රයිස් කුකරයක් වන බව පොලීසිය පවසනවා.

2022 වර්ෂයේ නොවැම්බර් 14 වැනි දින කොටිකාවත්ත සනස බැංකුව අළුයම් කාලයේදී කඩා සේප්පුවේ බහා තිබූ ගනුදෙනුකරුවන් උගස් කරන ලද රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා රන් ආභරණ තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත නියෝග ලබාදී තිබුණා.

ඒ අනුව විමර්ශන පැවැත්වූ ඒකක 1 බාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතාගේ කණ්ඩායමේ පොලිස් සැරයන් 38723 රංජිත් මහතා සණස බැංකුවේ සීසීටීවී කැමරා දර්ශන පරික්ෂා කිරීමේදී රූප ලක්ෂණ අනුව පුද්ගලයෙකු හඳුනාගෙන එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඔහු ලියාපදිංචි අපරාධකරුවකු වන නාවල කුංජි නැමැත්තා බවට හඳුනාගෙන තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්