fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීන-ඇමරිකානු සබඳතාව කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 16:11

චීන-ඇමරිකානු සබඳතාව කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්

චීන-ඇමරිකානු සබඳතාව කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතු බව චීනය පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා මේ බව කියාසිටියේ ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා හමුවූ අවස්ථාවේ දීය.

හමුව ඊයේ(26) Washington නගරයේ දී සිදු විය.

තමාගේ මෙවර ඇමරිකානු නිල සංචාරය, Blinken මහතා පසුගිය ජූනි මාසයේ එක් වූ චීන නිල සංචාරයට ප්‍රතිචාර වශයෙන් සිදුකළ බව වං යී මහතා එහිදී පැවසීය.

චීනය හා ඇමරිකාව අතර ඇතැම් මතභේද පැවතිය ද පොදු අභියෝග සහ පොදු ප්‍රතිලාභයන්ට දෙරටම මුහුණ පායි. සංවාද ඔස්සේ අන්‍යෝන්‍ය අවබෝධය තහවුරු කරමින් අනවබෝධයන් පිටුදැකිය යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.

දෙරට එකඟතා සහ සහයෝගිතා පුළුල් කරමින් ද්විපාර්ශ්වික සබඳතාව යළි ගොඩනංවා ස්ථාවර මෙන්ම තිරසර දිශානතියකට යොමු කළ යුතු බව ද හෙතෙම එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 16:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්