fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සටන් විරාමයකට සහාය නොදැක්වීමට එක්සත් ජනපදය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 14:44

සටන් විරාමයකට සහාය නොදැක්වීමට එක්සත් ජනපදය තීරණය කරයි

හමාස් සංවිධානයට යළිත් ශක්තිමත් වීමට ඉඩ සළසන සටන් විරාමයකට සහාය නොදක්වන බව එක්සත් ජනපදයය පවසනවා.

ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රාලයට එල්ල කළ ප්‍රහාරවලට පසු හමාස් සංවිධානය දිනපතා රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවයි ඇමෙරිකාව පවසන්නේ.

අද දිනයේද ඔවුන් ඊශ්‍රාලයේ අහිංසක වැසියන් ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර එල්ල කළ බව පවසා තිබෙනවා.

ඔවූන්ට එම මෙහෙයූම් දිගටම කරගෙන යාමට ඉඩ සළසන සටන් විරාමයකට තම රට විරුද්ධ බවයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්ත‌ේම්න්තුව ප්‍රකාශකවරයා පවසා තිබෙන්නේ.

ආධාර බෙදාහැරීමට ඉඩසළසන මානුෂීය  විරාමයක් ගැන සළකා බැලිය යුතු බැවින් දකුණු ගාසා තීරයේ රෆා ගේට්ටුව විවෘත කිරීමට දැඩි කැපවීමෙන් ක්‍රියා කළ බව ද ඔහු පවසා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 14:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්