ඉන්දීය හිටපු නාවික හමුදා නිලධාරින් අට දෙනෙකුට කටාර් අධිකරණය මගින් මරණ දඩුවම නියම කර තිබෙනවා.
කටාර් හි පෞද්ගලික සමාගමක සේවය කළ මෙම ඉන්දීය ජාතිකයන් ඔත්තු බැලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය වසරේදියි.
ඔවුන්ට අදාළ චෝදනා නිශ්චිතව පැහැදිලි කර නැතත් මරණ දඩුවම නියම කිරීමේ තීන්දුව දැන ගැනීමත් සමග තමන් දැඩි කම්පනයට පත් වූ බව ඉන්දීය රජය පවසනවා.
ඉන්දිය විදේශ අමාත්‍යාංශය පැවසුවේ සවිස්තරාත්මක තින්දුවක් බලාපොරොත්තුවෙන් සිටින අතරතුරදී මෙය සිදුව ඇති බවයි.
තම රටේ ශ්‍රමිකයන් ගල්ෆ් අරාබි රාජ්‍යයන්වල ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. මෙම පුද්ගලයින් අට දෙනා දෝහා හි ආරක්ෂක සේවා සමාගමකයි සේවය කර තිබුණේ.