fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවසන් නොකළ ව්‍යාපෘති අවසන් කිරීමට සබරගමුව පළාත් සභාවට මිලියන 300ක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 12:39

අවසන් නොකළ ව්‍යාපෘති අවසන් කිරීමට සබරගමුව පළාත් සභාවට මිලියන 300ක්

සබරගමුව පළාතේ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් සබරගමුව පළාත් සභාව සඳහා රුපියල් මිලියන 300 ක් ලැබී ඇති බව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා.
ඒ මහතා මේ පවසා සිටියේ ඊයේ (26) රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවැති රත්නපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව අමතමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේ ලැබී ඇති ප්රතිපාදන, අතර මග නවතා දමා ඇති වැඩ අවසන් නොකළ ව්යාපෘති අවසන් කිරීමටත්, අත්යවශ්ය හා ප්රමුඛ ව්යාපෘති හදුනා ගෙන ඒවා ක්රියාත්මක කිරීම සඳහාත් යෙදවීමට කටයුතු කරන බවත්ය.
මේ යටතේ රත්නපුර දිස්ත්රික්කයේ ව්යාපෘති 106 ක් සඳහා රුපියල් මිලියන 138.40 ක් වෙන් කිරීමට කටයුතු යොදා ඇති බව ද ආණ්ඩුකාරවරයා පැවසීය.
ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 12:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්