fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක් – 15ක් රෝහලේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 11:13

පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක් – 15ක් රෝහලේ

කොළඹ පිටකොටුව දෙවන හරස් වීදියේ  ඇති වූ ගින්න මැඩ පැවැත්වීම හා මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

තුවාල ලැබූවන් 15 දෙනෙකු ජාතික රෝහල වෙත රැගෙන විත් ඇති අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ.

රෙදිපිලි වෙළෙඳසැලක ඇති වූ මෙම ගින්නෙන් එම තට්ටු ගොඩනැගිල්ලට දැඩි හානි සිදු වුණා.

බේරාගත් පිරිසක්  මේ වන විට ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ගෙන් කිහිප දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු වන බවයි වාර්තා වන්නේ.

ගිනි නිවීමේ රථ 07 ක් යොදවා ඇති අතර ත්‍රිවිද හමුදාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතුවලට එක්ව සිටිනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්