fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශගුණ සුහුරු වාරිමාර්ග කෘෂිකර්ම ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳ පුළුල් විමර්ශනයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 10:18

දේශගුණ සුහුරු වාරිමාර්ග කෘෂිකර්ම ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳ පුළුල් විමර්ශනයක්

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන CSIAP හෙවත් දේශගුණ සුහුරු වාරිමාර්ග කෘෂිකර්ම ව්‍යාපෘතියේ (Climate Smart Irrigated Agriculture Project)  සියලුම කටයුතු පුළුල් විමර්ශනයක් සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

විශේෂයෙන් වාරි ප්‍රතිසංස්කරණ කටයුතුවලදී එම කටයුතු නිසි පරිදි සිදු නොවීම සම්බන්ධව ගොවි ජනතාවගෙන් ඉදිරිපත්ව ඇති පැමිණිලි සලකා බලමින් මෙම විමර්ශනය සිදු කිරීමට නියමිතයි.

මෙවැනි ව්‍යාපෘති 4ක් විදේශ අරමුදල් මත කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වැඩසටහන් රැසක් එම ව්‍යාපෘති 4 මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.

මේ සඳහා වන මුල්‍ය ප්‍රතිපාදන ණය ආධාර වශයෙන් මෙරටට ලැබෙන අතර, ඒවා නැවතත් ඉදිරි කාලයේදී එම ණය මුදල් ලබා දුන් රටවල්වලට සහ විදේශීය ආයතනවලට ගෙවීමට සිදු වේ.

එමනිසා, මෙම මුදල් පරිහරණයේදී විනිවිද භාවයෙන් යුක්තව සහ වැය කරන මුදලෙන් උපරිම ප්‍රයෝජන ගොවි ජනතාවට ලැබෙන පරිදි ක්‍රියාත්මක කළයුතු බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ ව්‍යාපෘතිවලට උපදෙස් දී තිබෙනවා.

නමුත්, CSIAP ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කර තිබෙන ඇතැම් ව්‍යාපෘති සම්බන්ධව විවිධ චෝදනා එල්ලවන බැවින්, එම සම්පූර්ණ ව්‍යාපෘතිවල කටයුතු පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 10:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්