fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ශ්‍රම සංක්‍රමණික සහයෝගීතාව ශක්තිමත් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 05:51

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ශ්‍රම සංක්‍රමණික සහයෝගීතාව ශක්තිමත් කෙරේ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovigh මහතා අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්‍රම සංක්‍රමණය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා ඊයේ  (26) දින විශේෂ හමුවක් පැවැත්වුණා.

එහිදී සාකච්ඡා වූ කේන්ද්‍රීය කරුණ වූයේ ඉතාලි රජය සහ ශ්‍රී ලංකා රජය අතර කම්කරු සංක්‍රමණ පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතා ගිවිසුම අලුත් කිරීමයි.

මෙම සාකච්ඡාවේදී ඉතාලියේ පවතින රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද අවදානය යොමුවුණා.

ඉතාලි රජය විසින් අනුග්‍රහය දක්වන මෙම වැඩසටහන මගින්, ඉතාලියේ රැකියා අවස්ථා අපේක්ෂා කරන ශ්‍රී ලාංකික පුද්ගලයින් සඳහා එරට බලා පිටත්වීට පෙර පුහුණුවක් ලබාදීමට අපේක්ෂා කරයි.

මීට අතිරේකව, අමාත්‍යවරයා විසින් ඉතාලියේ රැකියා කෝටා ක්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව තානාපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබුවා.

මෙම කෝටා ක්‍රමය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳවද අමාත්‍යවරයා විසින් තානාපතිවරයාව දැනුවත් කළා.

එහිදී තානාපතිවරයා විසින් ඉතාලිය තුල රැකියා සඳහා බඳවා ගැනීමේ නියෝජිතායතන නොමැතිකම පැහැදිලි කළ අතර එම තත්ත්වය හේතුවෙන් ඉතාලියේ රැකියා වෙළඳපොළ වෙනත් බොහෝ රාජ්‍යන්ට වඩා වෙනස් බවද සඳහන් කළා.

මේ අතර අමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයින් සඳහා වන පවුල් නැවත එක්වීමේ වීසා ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින ගැටළු සම්බන්ධයෙන්ද තානාපතිවරයාව දැණුවත් කළා.

එහිදී ඩී.එන්.ඒ පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය සහ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී සිදුවන බාහිර මැදිහත්වීම් ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතාද අමාත්‍යවරයා විසින් අවධාරනය කළා.

මෙම ක්‍රියාවලීන්හි දී බාහිර ඇඟිලි ගැසීම් මැඩලීමට තානාපතිවරයා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය ප්‍රශංසාවද පළ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 05:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්