fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ස්‍ය ආනයනයේ දී වංචා කරන අයට වැඩ වරදින ලකුණු

hasiniek
By hasiniek ඔක්තෝබර් 26, 2023 16:14

මත්ස්‍ය ආනයනයේ දී වංචා කරන අයට වැඩ වරදින ලකුණු

මත්ස්‍ය ආනයනයේ දී වංචාවන් සිදුවුවහොත් එහිදී නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා පවසනවා.

යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

චීනයෙන් මසුන් ආනයනය කිරීමට පියවර ගෙන තිබේ ද යනුවෙන් මාධ්‍යවේදීන් මෙහිදි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

චීනයෙන් මසුන් ආනයනය කිරීමට අවසර දී ඇතත් එහිදී නීති විරෝධි කිසිවක් සිදුවීමට ඉඩ නොදෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ධීවර අමාත්‍යාංශයට අයත් මත්ස්‍ය අලෙවි සැලක් දිවුලපිටිය දූනගහ නගරයේ දී විවෘත කෙරුණා.

ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ මූලිකත්වයෙන්.

මෙය 93 වන අලෙවි මධ්‍යස්ථානයයි.

එය විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුලු පිරිසක් සහභාගී වුණා.

 

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 26, 2023 16:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්