fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6කට බලපෑම් 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 14:30

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6කට බලපෑම් 

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් හයක පවුල් 4264 ක පුද්ගලයින් එකොළොස්දහස් නවසිය අසූ අට දෙනෙකු අවතැන්ව සිටින බව ආපදා කළමනාකරන මධ්‍යස්තානය පවසනවා.

දිස්ත්‍රික්ක කිහිපයකට පැන වූ නායයාමේ අනතුරු ඇගවීම් ද තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර උතුරු නැගෙනහිර හැර සෙසු පළාත්වල පස්වරු දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ‍

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 12 කණුව හා ආසන්න ප්‍රදේශ කිහිපයක ගස් හා පස්කදු කඩා වැටීම් හේතුවෙන් වෙළෙදසැල් සහ තවත් ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වුණා.

වෙළෙඳසැල් දෙකකට ඉහලින් තිබූ විශාල ගසක් කඩා වැටී එම ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

එම ස්ථානයේ ම ප්‍රධාන මාර්ගයෙන් ඉහළට යාමට තිබූ මාර්ගයක්ද නායයාමට ලක්ව එම වෙළෙදසැල් මතම කඩා වැටී තිබුණා.

තැනින් තැන තිබූ වෙළෙදකුටි හා තවත් ගොඩනැගිලි කිහිපයක්ද පස් කදු කඩා වැටීමෙන් විනාශ වී ඇති ආකාරයයි දැකගත හැකි වන්නේ.

අධික වර්ෂාවත් සමඟ පස් කදු කඩා වැටිය හැකි බැවින් ජනතාව සැළකිලිමත් විය යුතු බවයි අවධාරණය කෙරෙන්නේ.

බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑලිය සහ රත්නපුර දිස්ත්‍රික් සදහා නිකුත් කර තිබු නායයාමේ අවදානම් නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

මධ්‍යම කදුකරයේ ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කර තිබෙනවා.

එමගින් තත්ත්පරයට ඝන අඩි 3000 ක ජල කදක් වික්ටෝරියා ජලාශයටත්, තත්ත්පරයකට ඝණ අඩි 2000 ක ජල කදක් බෝවතැන්න ජලාශයටත් මුදා හැරෙන බවයි වාර්මාර්ග නිලධාරීන් පවසන්නේ.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 14:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්