මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා ආයතන පරිශ්‍රයේ දී සිරකර ගෙන සිටිමේ සිද්‍ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේවකයින් 13 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
මිල්කෝ සමාගම පෞද්ගලිකරණය කිරීම ඇතුලු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් එහි සේවකයන් පිරිසක් ආයතන සභාපතිවරයා කාර්යාලය තුළ සිරකර ගෙන සිටීමට ක්‍රියා කළා.
පසුව පොලිසිය මැදිහත්වීමෙන් සභාපතිවරයා එයින් පිටතට ගැනීමට ක්‍රියා කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
ඔවුන් අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/NS_byutLHlg”]