fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානයේ රැඳී සිටින ඇෆ්ගනිස්ථාන සරණාගතයින් පිරිසක් ඉවත් කර ගැනීමට බ්‍රිතාන්‍ය සූදානම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 15:32

පාකිස්ථානයේ රැඳී සිටින ඇෆ්ගනිස්ථාන සරණාගතයින් පිරිසක් ඉවත් කර ගැනීමට බ්‍රිතාන්‍ය සූදානම්

පාකිස්ථානයේ රැඳී සිටින ඇෆ්ගනිස්ථාන සරණාගතයින් පිරිසක් ඉවත් කර ගැනීමට බ්‍රිතාන්‍ය සූදානම් වනවා.

බ්‍රිතාන්‍යයේ වීසා පහසුකම් ලබා දෙන බවට පොරොන්දු වූ ඇෆ්ගනිස්ථාන සරණාගතයින් මෙලෙස පකිස්ථානයෙන් ඉවත් කර ගැනීමටයි බ්‍රිතාන්‍ය රජය සූදානම් වන්නේ.

ඒ සඳහා ඔවුන්ට වෙන් කළ ගුවන් යානයක් පාකිස්ථානය වෙත යැවීමට සැළසුම් කර තිබෙනවා.

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අත්පත් කර ගැනීමත් සමඟ බ්‍රිතාන්‍ය රජය සමඟ වැඩ කළ හා බ්‍රිතාන්‍ය රජයට සහාය පල කළ ඇෆ්ගනිස්ථාන වැසියන් පාකිස්ථානයට පලා ගියා.

එම වැසියන් බ්‍රිතාන්‍යයට රැගෙන යාමටයි මේ වන විට කටයුතු සූදානම් කර ඇත්තේ.

නීති විරෝධීව පකිස්ථානය තුළ රැඳී සිටින ඇෆිගනිස්ථාන ජාතිකයින්ට නොවැම්බර් 01 වන දින වන විට එරටින්  ඉවත්ව යන ලෙස පසුගිය මාසයේදී පකිස්ථානය දැනුම් දුන්නා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 15:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්