fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව පරිසර පනතක් කඩිනමින්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 10:34

නව පරිසර පනතක් කඩිනමින්

නව පරිසර පනතක් කඩිනමින් ගෙන එන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදුන්නා.

වත්මන් කාලයට ගැලපෙන පරිසර පනතක් කඩිනමින්ම ගෙන ආ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ මධ්‍යම පරිසර අධිකාරියේ පැවති සාකච්ඡාවකදියි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ , අධ්‍යක්ෂ ජනරාල් පී බී හේමන්ත යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

නිවාස සංකීර්ණ ඉදිකිරිමේ දී පරිසරයට සිදුවන අහිතකර බලපෑම් සොයා බලා ඒවා අවම කළ හැකි ක්‍රමවේද වෙත යොමු වීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 10:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්