ඩෙංගු අවදානම තවත් ඉහළට
Related Articles
වැසි තත්ත්වයත් සමඟ රට පුරා ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක් මතුව තිබෙනවා.
වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතටයි.
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ දත්තවලට අනුව වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු උණ රෝගය තදින් පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා.
පසුගිය ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මෙරටින් හමු වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,424 ක්.
ඔක්තෝබර් මාසයේදී ඩෙංගු රෝගීන් 2941 දෙනෙකු හමු වී ඇති අතර රෝගින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.
එම සංඛ්‍යාව 32,381 ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14.204 දෙනෙකුත් ,කළුතර දිස්ත්‍රික්කයෙන් 4336 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 13,841 දෙනෙකුත් වාර්තා වනවා.
ගම්පහ දිස්ත්‍රික්කය පිළිබඳ අවධානය යොමු කිරීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 අතරින් පසුගිය සති 4 දී රෝගීන් වැඩි පිරිසක් වාර්තා වූයේ අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.
එම සංඛ්‍යාව 62 ක්.
දොම්පේ ,කැලණිය,වත්තල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළින් ද රෝගීන් වාර්තා වුණා.
ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිආරච්චි මහතා කියා සිටියේ මෙම දිස්ත්‍රික්කයේ රෝගීන්ගේ ඉහළ යාමක් පවතින බවයි.
වර්ෂාවත් සමඟ බොහෝ ස්ථානවල ජලය එක් රැස්වීම තුළින් ඩෙංගු මදුරුවන් බෝවීම ඉහළ යමින් පවතින අතර එම තත්ත්වය මත ජනතාව තම නිවස අවට සහ කාර්යාල පාසල් අවට පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට අවදානය යොමු කළ යුතු වනවා.