fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්කරල් තොඟයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 09:25

මත්කරල් තොඟයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නීති විරෝධි මත්කරල් තොඟයක් සමඟ අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ කල්මුණේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම සිදුකරනු ලැබුවා.

මෙහිදි මත්කරල් 500ක් සන්තකයේ තබාගෙන සිටි අම්පාර තිස්සපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් වන පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

වැඩිදුර විමර්ෂණ සඳහා ඔහු කාර්තිව් පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්