කහතුඩුවේ හදිසි ආහාර වැටලීමක් – ස්ථාන 4කට රතු නිවේදන

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 05:56

කහතුඩුවේ හදිසි ආහාර වැටලීමක් – ස්ථාන 4කට රතු නිවේදන

කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ සිදු කළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර ආහාර ප්‍රවාහනය අළෙවිය හා ගබඩා කර තිබූ ස්ථාන 7කට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

එහිදී ස්ථාන 4කට රතු නිවේදන නිකුත් කිරීමටත් , ස්ථාන දෙකක තිබූ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග නවයක් විනාශ කිරීමටත් , ආප්ප සහ ඉදි ආප්ප නිෂ්පාදනය සඳහා භාවිතා කරන හාල් පිටි කිලෝ 100 පමණ ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයකට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටත් පියවර ගෙන තිබුණා.

මත්තේගොඩ ප්‍රදේශයේ හෝටල් 04 , බේකරි 04 , සුපිරි වෙළද සැල් 03 , සිල්ලර කඩ 04, කෙටි ආහාර වෙළඳ සැල් 02 , හා මස් කඩ 02 , වියළි ආහාර ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් ඇතුළු ස්ථාන 20 ක් මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කෙරිණි .

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 05:56