මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබු එකම සිංහල සුසාන භූමිය කිසියම් පිරිසක් ඩෝසර් කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 05:16

මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබු එකම සිංහල සුසාන භූමිය කිසියම් පිරිසක් ඩෝසර් කරයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබු එකම සිංහල සුසාන භූමිය වන ජයන්තිපුර පොදු සුසාන භූමිය කිසියම් පිරිසක් ඩෝසර් කර විනාශ කර තිබෙනවා.

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ මේ බව දැනුම් දී තිබෙනවා.

තම මවගේ සොහොන ඇතුළු තවත් සොහොන් රැසක්  විනාශ කර ඇති බව ද   නාහිමියෝ  සඳහන් කළහ.

1916 වසරේ සිට භූමිදානය කර ඇති බවත්, මේ පිළිබඳව තමන් මඩකලපුව මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදුකළ ඇති බවත්, ඒ සම්බන්ධයෙන්ව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසද උන්වහන්සේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ රජයෙන් ඉල්ලා සිටිනවා.

මඩකලපුව පොලීසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන්ව මේ වන විටත් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 05:16