පාසල් යන්න කම්මැලි වී සිසුවෙකු කළ බොරුව

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 04:50

පාසල් යන්න කම්මැලි වී සිසුවෙකු කළ බොරුව

නැගෙනහිර චීනයේ Zhejiang පළාතේ Lishuiහි හත් හැවිරිදි දරුවෙකු පොලීසියට අමතා තම පියා අතින් ප්‍රචණ්ඩත්වයට ලක්වන බව දැනුම් දී ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

මෙතෙක් කල් පාසලේ දී ගෙදර වැඩ නොකළ වරදට ඔහුට ඒ බැවින් දඩුවම් ලබා දී නැහැ.

ඒ සම්බන්ධයෙන් නිලධාරින් විසින් වහාම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එහිදි පොලිස් නිලධාරියෙකු විසින් දරුවාගෙන් ඔහුට පහර දුන්නේ කවුද යනුවෙන් අසා ඇත.

දරුවා එහිදී මගේ පියා යනුවෙන් සඳහන් කර තිබෙනවා.

එහිදී දරුවා විසින්ම හිතාමතාම දුක්බර ස්වරූපයක් ගැනීමට උත්සහ කරන බව නිලධාරියාට තේරී තිබෙනවා.

කෙසේ වෙතත්, සිදුකළ  වැඩිදුර පරීක්‍ෂණවලින් හෙළි වී ඇත්තේ පිරිමි ළමයා විභාග ප්‍රශ්න පත්‍ර නිවැරදි කර අවසන් නොවූ නිසා පාසල මඟ හැරීමට මෙම කතාව ගොතා ඇති බවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 04:50