ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා ඊයේ (ඔක්. 24) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි හමුවුණා.
කොළඹ පිහිටි සිය කාර්යාලය වෙත පැමිණි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අමාත්‍යවරයා විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව ඔවුන් සුහද සාකච්ඡාවක ද නිරත වුණා.
මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු බොහොමයක් පිළිබඳ සාකච්ඡා කෙරුණා.
මෙම අවස්ථාවට කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් ද සහභාගි වුණා.