fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 25, 2023 10:52

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙයි

කාසල්රි ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 ක් වන අතර , අද (25) දින උදෑසන වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 153 දක්වා ඉහල ගොස් ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.

කාසල්රි ජලාශයේ ජල ධාරිතාව 90% දක්වා ඉහල ගොස් ඇති නිසා විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවත්, පවතින අධික වර්ෂාව තව දින කිහිපයක් පැවතිය හොත් එම ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමට පැමිණිය හැකි බව ජලාශ භාර ඉංජිනේරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ

hasiniek
By hasiniek ඔක්තෝබර් 25, 2023 10:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්