fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IMF දෙවන වාරිකය හිමි වීම මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණයට ධනාත්මක බලපෑමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2023 10:34

IMF දෙවන වාරිකය හිමි වීම මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණයට ධනාත්මක බලපෑමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය හිමි වීමෙන් ඇති වන විශ්වාසය මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණයට ධනාත්මක බලපෑමක් ඇති කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ එක්සත් ජාතීන්ගේ දින සමරුව අමතමින්.

එක්සත් ජාතීන්ගේ දිනය වෙනුවෙන් කොළඹ මූලස්ථානයේ පැවති වැඩසටහනට ප්‍රධාන අමුත්තා ලෙස එක්වූයේ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතායි.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික අර්බුදය උග්‍ර වූ පසුගිය වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතන ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය බෙහෙවින් අගය කරන බවයි.

තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළගාවීමට ශ්‍රී ලංකාව සුවිශේෂී පියවර රැසක් ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඒ වෙනුවෙන් වේගවත් ව්‍යූහාත්මක වෙනස්කම් රැසකට ශ්‍රී ලංකාව අවතීරණ වී සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 330 ක් ලබා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව සුබවාදී අපේක්ෂාවෙන් පසුවන බවද ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය අඛණ්ඩව ඉදිරියටත් අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2023 10:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්