fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අම්පාර දිස්ත්‍රික්කයේ අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2023 11:26

අම්පාර දිස්ත්‍රික්කයේ අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙයි

වාර්ෂික වී අස්වැන්නේ හතරෙන් එකක් නිෂ්පාදනය කරන අම්පාර දිස්ත්‍රික්කයේ අලුත් සහල් මංගල්‍යය මෙවරත් 34 වන වතාවට පැවැත්වුණා.

මීට සමගාමිව මහා කන්නය සඳහා සේනානායක සමුද්‍රයේ ජලය නිකුත් කිරීම ද සිදුකෙරුණා.

ඉගිනියාගල සේනානායක සමුද්‍රයේ පවත්වන ඩී එස් සේනානායක ගුණානුස්මරණ උත්සවය සහ අලුත් සහල් මංගල්‍යය සේනානායක සමුද්‍රයේ වම් ඉවුර සහ දකුණ ඉවුර ගොවි සංවිධාන මගින් පැවැත්වුවා.

සේනානායක සමුද්‍රය අසළ පිහිටා ඇති ඩී එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර පිරිනමමින් ඒ මහතාට ගෞරව පිරිනැමුණා.

අනතුරුව මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පිරිත් දේශනයක් සහ අනෙකුත් ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් ද සිදුකෙරුණා.

අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ උපදෙස් මතයි එම කටයුතු සිදුකෙරුණේ.

මෙරට වාර්ෂික වී නිෂ්පාදනයෙන් හතරෙන් එකක් නිෂ්පාදනය කරන්නේ අම්පාර දිස්ත්‍රික්කයයි. ගොවිජනතාව 75000ක් පමණ අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාව සිදුකරනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2023 11:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්