fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2023 10:42

ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි

ආර්ථික අර්බදයෙන් මිදීමට ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසි පරිදී ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රීලංකාව ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමණියම් මහතා අතර හමුවක් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකා ඉදිරියෙන් සිටින බව පෙන්වාදුන් ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමණියම් මහතා ශ්‍රී ලංකාව එම මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බවද පෙන්වා දුන්නා.

දෙවැනි වාරිකය පිළිබද සුබවාදී අපෙක්ෂාවෙන් ශ්‍රී ලංකාව පසුවන බව පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහාය අගය කරන බවද මෙම හමුවේදී අවධාරණය කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2023 10:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්