fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකළ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2023 09:08

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකළ දෙදෙනෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකළ සැකකරුවන් දෙදෙනෙකු ගාල්ලේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී එම කාර්යාලයේ අනියම් කම්කරුවන් පිරිසක් විරෝධතාවක නිරතවුණා. ඔවුන් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත පාගමනින් ගොස් එහිදී ද විරෝධතාවක නිරත වුණා.

ඉන් පුද්ගලයින් පස් දෙනෙකු ද ආණ්ඩුකාරවරයාගේ ලේකම්වරිය හමුවී සාකච්ඡා කිරීමට ද අවස්ථාව සලසා දී තිබු අතර ඉන් අනතුරුව ද පිරිස විරෝධතාවක නිරත වෙමින් ආණ්ඩුකාර කාර්යාලයේ දොරටුව අවහිර කරමින් කළහකාරී ලෙස හැසිර තිබෙනවා.

එය වැළැක්වීමට උත්සාහ දැරීමේදී පොලිස් නිලධාරියෙකුට උද්ඝෝෂකයින් පහර දුන් බවත් ඉන් තුවාල ලැබූ එම නිලධාරීයා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය සදහන් කළා.

පහර දීම සිදුකළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් තල්පේ හා ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2023 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්