විදේශ ශ්‍රමිකයන් ලබාදී ඇති විදුලි වාහන ගෙන්වීමේ බලපත්‍ර අව භාවිත කරමින් ගෙන්වූ වාහන හතක් රේගු භාරයට
Related Articles
විදේශ ශ්‍රමිකයන්ට ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වන්නට තිබූ අවසරය අවභාවිත කිරීම ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ ආකාරයෙන් බලපත්‍ර අවභාවිත කරමින් ගෙන් වූ බවට සැකකෙරෙන වාහන 7ක්ද රේගු භාරයට ගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ.
අදාළ අවසරය ලබා දී තිබූ දිනයේ සිට ඔක්තෝබර් 16 වනදා දක්වා කාලය තුළ රථවාහන 119ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර ඉන් 75ක්ම එකම ආයතනයක් මගින් ආනයනය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මේ හේතුවෙන් රජය අහිමි කරගත් ආදායම රුපියල් බිලියන 35ක් පමණ වන අතර වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම, අන්සතු කිරීම, නියමිත පරිදි බදු මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම සහ අදාළ රථ වාහන ආනයනය කර ඇත්තේ සැබැවින්ම විදේශ ශ්‍රමියකන්ගේ මුදල්වලින් ද යන කරුණු ඔස්සේ මේ වන විට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ.