fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගබඩා පහක වී තොග අතුරුදන්වීම ගැන ඇමති දින තුනක් තුළ වාර්තාවක් ඉල්ලයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 16:41

ගබඩා පහක වී තොග අතුරුදන්වීම ගැන ඇමති දින තුනක් තුළ වාර්තාවක් ඉල්ලයි

වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පහක වී තොග අතුරුදන්වීම සම්බන්ධව දින තුනක් තුළ වාර්තාවක් සපයන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දී තිබෙනවා

කුරුණැගල දිස්ත්‍රික්කයේ අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පහක 2020 හා 21 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිල දී ගත් වී එම කාලයේ දී අතුරුදන් වීමක් සිදු වී ඇති බවට වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර සේවකයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිළි කර තිබෙනවා.

මෙම වී තොග අතුරුදන්වීමට වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවල සිටින ඇතැම් නිලධාරින්ද සම්බන්ධ බවට ද තොරතුරු ලැබී ඇති බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ

නිකවැරටිය, පොල්ගහවෙල, මහව ඇතුළු ගබඩා පහක මිල දී ගන්නා ලද වී තොග මෙසේ අඩු වී ඇති අතර මෙම වී තොගවල සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 1000කට ආසන්නයි.

මෙම වී ‌‌ෙතාගවලට සිදුවූයේ කුමක්ද? යන්න පිළිබඳව තමන්ට දින තුනක් තුළ වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දී තිබෙනවා.

මෙම වී තොග සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය හා අපරාධ විමර්ශණ අංශය මගින් විධිමත් විමර්ශණයක් ආරම්භ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයාට සම්පූර්ණ වාර්තාවක් දින තුනක් තුළ ලබා දීමට කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 16:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්