fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිනිස් ජාවාරම් කල බවට සැකකෙරෙන පුද්ගලයින් 4 ක් කොටු වෙයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 15:53

මිනිස් ජාවාරම් කල බවට සැකකෙරෙන පුද්ගලයින් 4 ක් කොටු වෙයි

මිනිස් ජාවාරම් කල බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රා දෙකක් සහ එහි සිටි සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

තලෛයිමන්නාරම වැලිපර 3 ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රා දෙකක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී, වලංගු ධීවර බලපත්‍ර නොමැතිව එම මුහුදු ප්‍රදේශයේ රැඳී සිටිම සහ නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටක සිට මෙරටට අනවසර සංක්‍රමණිකයන් රැගෙන ඒමට සූදානම්ව සිටි බවට සැකපිට එම ඩිංගි යාත්‍රා දෙක සමඟ එහි සිටි සැකකරුවන් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බවයි නාවුක හමුදාව නිවේදනය කළේ.

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 15:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්