fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 15:29

මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මධ්‍ය – බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා එම නිවේදනය බලපැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එම ප්‍රදේශයේ පැවති පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංග්ලාදේශ වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු අක්ෂාංශ 14 සහ 20 සහ නැගෙනහිර දේශාංශ 84 සහ 92 අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 40 – 45ත් අතර වනවා.

ඉහත මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 15:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්