fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආජන්ටිනා ජනාධිපතිවරණයට වුණු දේ

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 14:30

ආජන්ටිනා ජනාධිපතිවරණයට වුණු දේ

ආජන්ටිනා ජනාධිපතිවරණයෙන් බහුතරයක් දිනා ගැනීමට ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම නොහැකි වුණා.

මේ හේතුවෙන් දෙවන වටයේ චන්ද විමසීමක් ලබන මස 19 වනදා පැවැත්වීමට සිදු වනවා.

එරට ආර්ථික අමාත්‍ය සර්ජියෝ මැසා හා දක්ෂිණාංෂික අපේක්ෂක ජාවියර් මිලෙයි දෙවන වටයට සුදුසුකම් ලැබුවා.

පළමු වටයේදී සියයට 45 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට කිසිදු අපේක්ෂකයකුට හැකි වුණේ නැහැ. ආර්ථික අමාත්‍යවරයා ලබා ගත් ඡන්ද ප්‍රතිශතය ද සියයට 36 ක්.

ජාවියර් මිලෙයි ලබාගත්තේ සියයට 30 ක ප්‍රතිශතයක්.

මේ වන විට ආර්ථික අර්බුද රැසකට මුහුණ පා ඇති ආජන්ටිනාවේ උද්දමනය සියයට 140 කට අධිකයි.

ඊයේ පැවති මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ඡන්ද දායකයන්ගෙන් සියයට 74 ක ප්‍රතිශතයක් පමණයි.

 

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 14:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්