fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ඇති කළ බෝට්ටු ප්‍රශ්නය

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 14:22

රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ඇති කළ බෝට්ටු ප්‍රශ්නය

දකුණු චීන මුහුදේ යාත්‍රා කළ පිලිපීන බෝට්ටුවලට චීන යාත්‍රා බාධා කිරීමත් සමග එය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ඊයේ දිනයේදී දකුණු චීන මුහුදේ ස්ප්‍රැට්ලි දූපත ආසන්නයේ මුහුදේ ගමන්ගත් බෝට්ටුවල චීන යාත්‍රාවක් ගැටී තිබෙනවා.

එය චීන වෙරළාරක්ෂක බලකායට අයත් යාත්‍රාවක්. මෙම කලාපය අනෙකුත් රටවලට අවහිර කිරීමේ ප්‍රතිපත්තියක් චීනය අනුගමනය කරන බවටයි පිලිපීනය චෝදනා කරන්නේ.

එය වගකීම් විරහිත නීති විරෝධී ක්‍රියාවක් බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

තම යාත්‍රාවක නැවියන් වෙත සැපයුම් ප්‍රවාහනය කිරීමේ කටයුත්තක් අතුරතුරයි මෙම යාත්‍රා ගැටීම සිදු වුණේ.

කෙසේ වෙතත් චීනය පවසන්නේ නීත්‍යානුකූලව මෙම අවහිරකිරීම් සිදු කළ බවයි.

 

 

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 14:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්