fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හරීන් සහ මනුෂ ගේ පෙත්සම් ගැන දුන් නියෝගය

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 14:05

හරීන් සහ මනුෂ ගේ පෙත්සම් ගැන දුන් නියෝගය

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් විභාගය මේ මස 27 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

එම පෙත්සම අද (23) විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු අධිකරණය හමුවේ පෙනී සිටියා

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 14:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්