fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උපාධිධාරී සමූපකාර පරීක්ෂකවරුන් පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීම ගැන අධිකරණ තීන්දුවක්

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 13:48

උපාධිධාරී සමූපකාර පරීක්ෂකවරුන් පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීම ගැන අධිකරණ තීන්දුවක්

උපාධිධාරී සමූපකාර පරීක්ෂකවරුන් පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීමට බස්නාහිර පළාත් සභාව ගත් තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධීකරණය තීන්දු කළා.

බස්නාහිර පළාතේ සමූපකාර පරීක්ෂකවරුන් 150 දෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා කියා සිටියේ 1977න් පසු බස්නාහිර පළාතේ සේවයට බදවා ගත් සමූපකාර පරීක්ෂකවරුන්ගෙන් සුළු පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීම නීතියට පටහැනි බවයි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ යටතේ මෙම පරීක්ෂකවරුන්ට ඉහළ වැටුප් තලයක් හිමිවන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව මහතා පැවසුවා.

මේ අනුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි අද පෙරවරුවේ අදාළ තීන්දුව ලබාදුන්නේ.

පෙත්සම්කරුවන්ට සිදුවු අසාධාරණය සමනය කරන ලෙස බස්නාහිර පළාත් සභා නිලධාරීන්ට ද නියෝග කෙරුණා.

 

 

 

 

 

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 13:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්