පැය 24කට අඩු කාලයකදී හිමාලය කඳු වැටිය ආසන්නයේ බලපෑ භූ කම්පන තත්ත්ව දෙකක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.
ජම්මු – කාශ්මීරයේ කිෂ්ත්වාර් ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 3.5ක භූ කම්පනයක් සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ.
ඊයේ (22) රාත්‍රියේ රාත්‍රී 11 ට පමණ මෙම භූ කම්පනය වාර්තා වු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ
ඊයේ උදෑසන නේපාලයට රික්ටර් මාපාංක ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් සිදුව තිබුනා