රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
Related Articles
කටුනායක ගුවන්තොටුපොළ – මිනුවන්ගොඩ මාර්ගයේ ආඬිඅම්බලම මධ්‍යම බෙහෙත් ශාලාව අසලදී ඊයේ (22) රාත්‍රී කාලයේ සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිනුවන්ගොඩ දෙස සිට ගුවන්තොටුපොළ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි සුඛෝපභෝගී බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු සහ පසුපස අසුනේ ගමන් කළ තරුණයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 19ක් සහ 25ක් වූ බෙම්මුල්ල සහ මාකේවිට ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මෘත ශරීරය මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.