මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Related Articles
තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය හෙට (23) පස්වරු 02.30 දක්වා වලංගු වන බව සඳහන්.
ඒ අනුව නිරිතදිග සහ ඊට යාබද – බටහිර බොක්ක ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වෙන ලෙස අදාළ නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.
මධ්‍ය – බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ඉදිරි පැය 24 තුළදී තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් බංග්ලාදේශ වෙරළ වෙත එය ගමන් කරනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බව සඳහන්.
එමෙන්ම උතුරු අක්ෂාංශ 12 සහ 20ත් නැගෙනහිර දේශාංශ 83 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් (40-45) පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.