fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීන යුනාන් පළාත් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති සහ අගමැති අතර හමුවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2023 17:36

චීන යුනාන් පළාත් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති සහ අගමැති අතර හමුවක්

චීන යුනාන් පළාත් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති, චීන කොමියුනිස්ට් පක්ෂයේ යුනාන් පළාත් කමිටුවේ උපසභාපති ගාඕ ෆෙන්ග් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා.

අග්‍රාමාත්‍යවරයා පසුගිය අගෝස්තු මාසයේ යුනාන් නිල සංචාරය අතරතුර ඉදිරිපත් කළ වෙළඳ හා ආයෝජන පිළිබද පසුවිපරම් සැලසුම් පිළිබද මෙහිදි අවධානය යොමුවුණා.

යුනාන් සහ ශ්‍රී ලංකාව අතර වෙළදාම සහ ආයෝජන වැඩිදියුණු කිරීම පිළිබද සාකච්ඡා කෙරුණා. තේ,  වී සහ අනෙකුත් බෝග මෙන්ම මැණික් සහ ස්වර්ණාභරණ මෙන්ම සංචාරක ව්‍යාපාරයේ දී සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබද අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා.

ඊට සහාය පළ කළ ‍ෆෙන්ග් මහතා වෙළදාම කෘෂිකර්මාන්තය සුළං බලශක්තිය සදහා වන ආයෝජන පිළිබදව ද පෙන්වා දුන්නා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2023 17:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්