අහුංගල්ලේ වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2023 10:52

අහුංගල්ලේ වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

අහුංගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තිදෙනෙකු තුවාල ලැබුවා.

අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ මාස 4ක් වු කුඩා දරුවා මෙසේ තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ රාත්‍රී 7.30ට පමණ යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී ඔවුන් මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

තුවාල ලැබු අඹුසැමි යුවළ සහ කුඩා දරුවා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමටයි කටයුතු කෙරුණේ.

ටී 56 වර්ගයේ ගිණිඅවියක් උපයෝගී කරගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ෂණවලදී හෙළිවුණා.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් සොයා අංශ කිහිපයක් ඔස්සේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2023 10:52