හරක්කටා පන්නන්න හැදූ පොලිස් කොස්තාපල් පිළිබඳ තොරතුරකට ලක්ෂ 25ක්
Related Articles
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තා අත්අඩංගුවෙන් මිදී පලා යාමට සැලසුම් සකස් කළ පොලිස් කොස්තාපල්වරයා පිළිබද සත්‍ය තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාග මුදලක් ලබා දෙනවා.
මුනිපාලගේ රවිදු සංදීප ගුණසේකර නමැති මෙම කොස්තාපල්වරයා සැගවී සිටින ස්ථානයක් පිළිබද නිවැරදි තොරතුරක් වෙතොත් පොලිසියට ලබාදෙන ලෙසට පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.
ඒ අනුව ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයාගේ 071 85 91 960 දුරකතන අංකයට හෝ ස්ථානාධිපති විමර්ශන අංශයේ 071 85 96 150 දුරකතන අංකයට මෙම තොරතුරු ලබා දිය හැකියි.
මෙම පොලිස් කොස්තාපල්වරයා පිළිබද තොරතුරු සපයන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරන බවයි පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ.