fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් – ජනපති

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2023 19:02

එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් – ජනපති

අනාගතයට සරිලන ලෙස පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළ බව එක්සත් ජාතික පක්ෂයේ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත් වුණ එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයට එක් වෙමන් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

1946 සැප්තැම්බර් 06 වන දින එක්සත් ජාතික පක්ෂය ආරම්භ කෙරුණේ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නායකත්වයෙන්. එතැන් පටන් අද දක්වා විවිධ නායකයින් යටතේ එක්සත් ජාතික පක්ෂය මෙරට දේශපාලනය තුළ ප්‍රධානතම සලකුණක් බවට පත්වුණා.

රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රධාන පෙලේ දේශපාලන නායකයන් රැසක් බිහිකිරීමට එදා මෙදා තුර එක්සත් ජාතික පක්ෂය සමත් වුණා.

අද පැවති පක්ෂ විශේෂ සම්මේලනයේ තේමාව වන්නේ ස්මාට් කන්ට්‍රි ජයගමු 2048 යන්නයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සම්මේලනයේ පිළිගැනීමේ කතාව සිදු කළේ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතායි.

සම්මේලනය කැඳවීමේ ලිපිය කියවීම පක්ෂයේ  මහලේකම් හා හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සිදු කළා. තවත් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා.

විශේෂ සම්මේලනය ඇමතූ පක්ෂයේ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ස්මාර්ට් රටට ප්‍රථම ස්මාර්ට් පක්ෂයක් ඇති කළ යුතු බවයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2023 19:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්