fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2023 18:56

ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ නෙදර්ලන්තය සමග පැවති තරගය ජයගනිමින්.

ලක්නව් හි පැවති තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසියේ වෙනස්කම් දෙකක් සහිතවයි.

දුනිත් වෙල්ලාලගේ වෙනුවට දුශාන් හේමන්ත කණ්ඩායමට එක් වූ අතර ළහිරු කුමාර වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට එක්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු 7 කට සීමා කිරීමට කසුන් රාජිත සමත් වුණා. ඒ වික්‍රම්ජිත් සිං ගේ කඩුල්ල  දවා ගැනීමත් සමගයි. දෙවන කඩුල්ල ලෙස මැක්ස් ඕඩාවුඩ් ලකුණු 16 ක් ලබා සිටියදී රාජිතගේ පන්දුවක් හමුවේ දැවී ගියා. නෙදර්ලන්තයේ පළමු කඩුලු 6 මුළු ලකුණු සංඛ්‍යාව 91 ක් වන විට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

7 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 130 ක සබඳතාවක් ගොඩනගා ගැනීමට සයිබ්‍රෑන් එන්ගල් බ්‍රිජ්ට් හා ලෝගන් වැන්බීක් සමත් වුණා. ඒ අනුව නෙදර්ලන්තය පන්දුවාර 49 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 262 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දිල්ශාන් මධුශංඛ හා කසුන් රාජිත කඩුලු 4 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු 5 ක් ලබා සිටියදී දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 18 ක් ව තිබියදීයි. කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ ලකුනු 11 ක් පමණයි. ඉන් පසු පැතුම් නිශ්ශංඛට එක් වූ සදීර සමරවික්‍රම තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක සබදතාවක් ගොඩනැගුවා.

පැතුම් නිශ්ශංඛ ලකුණු 54 ක් ලබා සිටියදී දැවී යාමත් සමග පිටියට එක් වූ චරිත් අසලංක සමගද සදීර සාර්ථක සබදතාවක් ගොඩනැගුවා. චරිත් අසලංක ලකුනු 44 ක් රැස් කළා. ඉන් පසු තරගයේ වගකීම කරට ගත් සදීර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා ගෙන ගියා. ඒ පන්දුවාර 48 යි පන්දු දෙකක් අවසානයේ දීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 91 යි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2023 18:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්