බටහිර ඉවුරේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්
Related Articles
බටහිර ඉවුරේ විරෝධතාකරුවන්ට පලස්තීන හමුදා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
රමල්ලාහි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පලස්තීන ආරක්ෂක අංශ කඳුළු ගෑස් හා ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බව සැළ වීමෙන් පසු සිය ගනනක් විරෝධතාකරුවන් බටහිර ඉවුරේ විරෝධතා ආරම්භ කළා.
ගාසා තීරයේ රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 500ක් පමණ මිය ගිය බව බලධාරීන් පවසනවා.
බටහිර ඉවුරේ විරෝධතා උත්සන්න වී ඇත්තේ පලස්තීන භුමියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපති මහමුද් අබ්බාස් ඍජු තීරණ නොගැනීමයි.
ඔහුද ඊශ්‍රායල ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා එල්ල වනවා.