අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Related Articles
වැල්ලම්පිටිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත්තා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට රංගල නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත, වැල්ලම්පිටිය මාර්ගයේ පිහිටි හෝටලයක කළ වැටලීමකදීයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 80 ක් සඟවා ගෙන සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගත්තා.