ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා දහසක්
Related Articles
ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා දහසක් ලබාගැනීමට හැකියාව ලැබී ඇති බවත් දැනට එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියාගත කිරීමට පියවර ගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවා.
අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර සිටියේ ඊයේ (20) දින පාර්ලිමේන්තුවේදී ඊශ්‍රායල පලස්තීන ගැටලුව සම්බනධයෙන් විවාදයට ලක්වූ අවස්ථවේදීයි.