fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පලාලි ගුවන්තොටුපොළේ මගී පහසුකම් පුළුල් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2023 06:55

පලාලි ගුවන්තොටුපොළේ මගී පහසුකම් පුළුල් කෙරේ

මේ වනවිට ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙසට ක්‍රියාත්මක වන පලාලි ගුවන් තොටුපලෙහි මගී පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමට පසුගියදා පලාලි ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ වන විට ඉන්දියාවේ චෙන්නායි සිට සෑම දිනකම මගීන් 60 රැගෙන එලායන්ස් සමාගමට අයත් ගුවන් යානයක් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.

මෙම ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වලට අමතරව රත්මලාන ගුවන් තොටුපලේ සිට සෑම සතියකම ඩී.පී. ඒවේෂන් සමාගමට අයත් ගුවන්යානා 04 ක් සහ සිනමන් එයාර් සමාගමට අයත් ගුවන්යානා 04ක් කටුනායක ගුවන් තොටුපලේ සිට අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදු කරනු ලබයි.

මෙම ගුවන් මෙහෙයුම් ඉදිරියේදී වැඩි වීම හේතුවෙන් පලාලි ගුවන් තොටුපලට පැමිණෙන සහ ඉන් පිටවන ගුවන් මගීන්ගේ පහසුකම් වැඩි දියුණු කල යුතු බව අමාත්‍යවරයා පලාලි ගුවන් තොටුපලේ දී පැවසුවා.

පලාලි ගුවන් තොටුපලේ දැනට තිබෙන මගී පර්යන්තය පුළුල් කිරීම, තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කිරීම, සනීපාරක්ෂක පහසුකම් වැඩි කිරීම, ආගමන විගමන සහ රේගු නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, ඇතුළු යටිතල පහසුකම් වැඩි කිරීමට සැලසුම් කර ඇති අතර මේ සඳහා රුපියල් මිලියන 200ක මුදලක් ඇස්තමේන්තුකර තිබෙනවා.

මෙම පලාලි ගුවන් තොටුපලේ පහසුකම් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවට ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්‍ෂ ගයාන් අලගේවත්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගි වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2023 06:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්