එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අද
Related Articles
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සමුළුව අද පස්වරු දෙකට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
චීන සංචාරයෙන් පසුව ජනාධිපතිවරයා මෙහිදී ජනතාවට වැදගත් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සමුළුව පැවැත්වෙන සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව කියා සිටියා.
ඒ මහතා තවදුරටත් කියා සිටියේ රටට අවශ්‍ය නව ජාතික එකඟතාවකට සරිලන ව්‍යවස්ථාවක් අද එළිදක්වන බවයි.
ජාත්‍යන්තරය දිනා ගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළා.