මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ගැන තීන්දුව කතානායකට යොමු කරයි
Related Articles
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොණු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව කතානායකවරයාට හා ජනාධිපතිවරයාට යොමු කරන බව නිවේදනය කළා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් විභාගය ඊයේ රාත්‍රියේ අවසන් කෙරුණා.
ඉන් අනතුරුවයි රහසිගත නිගමනය මෙසේ යොමු කර ඇත්තේ.
ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නා.
පෙත්සම් 50 ක් පමණ මේ සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබුණා.