කොත්මලේ පොළොව අභ්‍යන්තරයෙන් විශාල ශබ්ද නිකුත් වීමට හේතුව ගැන සැකයක්
Related Articles
කොත්මලේ හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් පිහිටි ස්ථානයේ පොළොව අභ්‍යන්තරයෙන් විශාල ශබ්ද නිකුත් වීමට හේතුව පොළොව අභ්‍යන්තරයේ ජල කාන්දුවක් විය හැකි බව විශේෂඥයන් සැක පළ කරනවා.
භූ ගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් මේ පිළිබද සොයා බැලීමේ කටයුතු සිදුවනවා.
පසුගිය දින කිහිපය තුළ මෙම ස්ථානයේ පොළොව අභ්‍යන්තරයෙන් විශාල ශබ්දයක් ඇසුනු බව ප්‍රදේශවාසීන් පවසනවා.
එම පිරිසගේ දැනුවත් කිරීම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මකයි.