වෙනිසියුලාව බොර තෙල් අපනයනය නැවත ආරම්භ කිරීමට සූදානම්
Related Articles
වෙනිසියුලාව බොර තෙල් අපනයනය නැවත ආරම්භ කිරීමට සූදානම් වනවා.
ඇමෙරිකා සම්බාධක හමුවේ වෙනිසියුලාවට ඛණිජතෙල් අපනයනය සිදු කිරීමට පසුගිය කාලයේදී හැකියාව ලැබුණේ නැහැ.
කෙසේ වුවද ඇමෙරිකාව වෙනිසියුලාවට 2019 දී පැනවූ සම්බාධක ලිහිල් කිරීමට පසුගිය බදාදා පියවර ගත්තා. ඒ අනුව වෙනිසියුලාවට ඛණිජ තෙල් නිෂ්පාදනය, අලෙවිය හා අපනයනය සදහා මාස 6ක කාලයකට අවසර හිමිවනවා.
වෙනිසියුලා රජයට අයත් බොරතෙල් නිෂ්පාදන සමාගම තම මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් වන බවයි වාර්තා වන්නේ.
වෙනිසියුලාවට පනවා ඇති සම්බාධක ලිහිලි කිරීම හරහා ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සාමකාමී හා සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම තම අරමුණ බවයි ඇමෙරිකාව සදහන් කරන්නේ.